Kitchen
බිත්තර මිශ්‍ර බිම්මල්
අවශ්‍ය ද්‍රව්‍ය:
බිම්මල් 250 g
බිත්තර 2
තක්කාලි 50 g
මාළු මිරිස් කරල් 4
ලොකු ළුණු 50 g
සුදු ළුණු බික් 2
අමු ඉඟුරු පෙති 1
කල් කිරි කෝප්ප කාලක්
මිරිස් කුඩු තේ හැඳි බාගයක්
කරපිංචා ටිකක්
රම්පෙ ටිකක්
රස අනුව ලුණු
තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය:
මාළු
මිරිස් දෙකට කපන්න. සුදු ළුණු, අමු ඉඟුරු තලන්න. බඳුනකට තෙල් දමා රත් වූ
පසු ළූණු, මාළු මිරිස්, සුදු ළුණු, අමු ඉඟුරු, කරපිංචා, රම්පා දමා කපාගත්
තක්කාලි, බිත්තර දමා විනාඩි 5 පමණ හැඳි ගාන්න. එයට ලුණු, මිරිස් කුඩු, සහ
බිම්මල්, කිරි එකතු කර මඳ වෙලාවක් හැඳි ගා වසා තබන්න. විනාඩි 5 පමණ තබා
ලිපෙන් බා ගන්න.